Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2022 12:17:10 Hours

ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත වියළි සලාක පාර්සල්

ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Meng Leg Foundation Limited’ ආයතනයේ අනුග්‍රහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2022 ජුනි මස 06 දින උන්නච්චිය, කණුවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී උන්නචිච්චිය ප්‍රදේශයේ පදිංචි පවුල් 70 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශිවන්ත් කුලතුංග ගේ උපදෙස් මත එම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 231 වන බලසේනාවේ බලසේනාධිපති, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කර ක්‍රියාත්මක කරන ලදී.