Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2022 19:07:27 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් දිවයින පුරා රාජකාරියේ නියුතු අණදෙන නිලධාරීන් අමතයි

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එතුමන්ගේ ඉදිරි දැක්ම සහ යුද්ධ හමුදාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ යුද්ධ හමුදාවේ සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස් ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, පුහුණු පාසල් සහ ඒකක අණදෙන නිලධාරීන් සහ සියලුම අණදෙන නිලධාරීන් දැනුවත් කිරිමේ දේශණයක් ඉකුත් බදාදා (15) දින සිදුකරන ලදී.

දේශනය අතරතුර, ආහාර සුරක්‍ෂිතතා පියවරයන් සහ වගා හා කෘෂිකාර්මික ක්‍රියාවලීන් ප්‍රවර්ධනය කිරීම සඳහා කඩිනම් දායකත්වයක් ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, තම ක්‍රියාකාරී සැලැස්ම, දැක්ම, උපායමාර්ගික ප්‍රවේශයන් සහ ජාතික ආරක්‍ෂාව මෙන්ම ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් කරුණු පැහැදිලි කළේය.

තවද, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා රජයේ ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීම වෙනුවෙන් අදාළ ප්‍රදේශවල ගොවීන් දිරිමත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ විශේෂඥ දැනුම සහ යන්ත්‍රෝපකරණවල දායකත්වය ලබාදීම පිළිබද කරුණු පැහැදිලි කළේය.

නිලධාරීන් ඇමතීම සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් පිළිගන්නා ලදී. මාර්ග ගත තාක්‍ෂණය (Zoom technology) ඔස්සේ දිවයින පුරා පිහිටා ඇති කඳවුරුවල අඳාල නිලධාරීන් මෙම දේශණය සඳහා සහභාගී වීමට අවස්ථාව සැලසිණි.