Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2022 10:16:53 Hours

ශ්‍රී ලංකා ජාතික රයිෆල් සම්මේලනයේ කුඩා සිදුරු ජාතික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය මේ දිනවල ක්‍රියාත්මක වේ

ශ්‍රී ලංකා ජාතික රයිෆල් සම්මේලනය විසින් මේ දිනවල පවත්වනු ලබන කුඩා සිදුරු ජාතික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය ඉකුත් සඳුදා (07) දින ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පානළුව වෙඩි පිටියේදී ආරම්භ කෙරිණි.

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් අංශ වෙඩිතැබීමේ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන කුඩා සිදුරු ජාතික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය එළඹෙන සෙනසුරාදා (12) දින දක්වා පැවැත්වීමට නියමිත අතර විවෘත පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය බ්‍රහස්පතින්දා (17) දින ආරම්භ වී ඉරිදා (20) දින දක්වා පැවැත්වේ.

2021 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති ධූරය වසර දෙකක කාලයක් සඳහා මේජර් ජෙනරාල් චම්පක රණසිංහ වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හිමිවී ඇත. ශ්‍රී ලංකා ජිතාක රයිෆල් සංගමය යටතේ යුද, නාවික, ගුවන්, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ සිවිල් අංශය නියෝජනය කරන රයිෆල් කණ්ඩායම් 15 ක් ඇත.

කුඩා සිදුරු ජාතික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියේ සහ විවෘත පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලියේ කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය එළඹෙන සෙනසුරාදා (12) දින සහ ඉරිදා (20) දින පැවැත්වීමට නියමිතයි.