Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2022 16:57:58 Hours

නීරාවිය යුද්ධ හමුදා ගොවිපලේ පොල් පැල 13,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන නීරාවිය යුද්ධ හමුදා ගොවිපලේ පොල් පැළ 13,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පොල් සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් 2022 පෙබරවාරි මස 27 වන දින ආරම්භ කරන ලදී.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.වී.කේ.වී අබේවික්‍රම ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ් රාජපක්‍ෂ සහභාගි විය.