Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2022 22:36:07 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව

හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ සම්බන්ධිකරණ කටයුතු සිදුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ඉකුත් අඟහරුවාදා (18) දින කිලිනොච්චි ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඇතුළු තවත් වගකිව යුතු නිලධාරින් පිරිසක් මෙම සංචාරය සඳහා එක්වූහ.

එසේම, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලබාදුන් උපදෙස් මත ඉකුත් සඳුදා (10) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව, කාබනික පොහොර නිෂ්පාදනය සහ දැනට පවතින හරිත කෘෂිකර්ම ක්‍රියාවලිය සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදි සාකච්ඡාවට බඳුන් විය. සාකච්ඡාවට සහභාගිවු සියලු පාර්ශවකරුවන්ට මේ සබැදිව ගැටළු නිරාකරණය කරගැනීමට මෙහිදි අවස්ථාව උදාවිය. එමෙන්ම, මෙම සම්බන්ධීකරණ සාකච්ඡාව සඳහා 24 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ තවත් ගොවිජන හා කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තවද, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ගේ මගපෙන්වීම සහ 643 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ හරිත කෘෂිකර්මය සහ කාබනික පොහොර භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක් 2021 දෙසැම්බර් මස 30 වන දින මුලතිව් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම විශේෂ සාකච්ඡාව 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන්, මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කෝකුලදාසන් මහතා සහ ඔඩ්ඩුසුඩාන් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන ගොවිපළේ කළමනාකාරතුමන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

එසේම, හරිත කෘෂිකර්ම ව්‍යාපෘතියට සමගාමීව කාබනික පොහොර නිෂ්පාදනය හා එම නිෂ්පාදන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡාවක් 2022 ජනවාරි මස 19 වන දින 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 623 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

කෘෂිකාර්මික නිලධාරීන් සහ ගොවි ප්‍රජාවන්ගේ නියෝජිතයින් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී හරිත කෘෂිකර්මික කටයුතු වලදී මතුවන ගැටළු, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය, ඒ සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සහ සුදුසු ස්ථාන තෝරාගැනීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර, 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ සහ 622 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර අබේසිංහ ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

එසේම, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ තවත් සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (21) දින කිලිනොච්චි ගොවිජන සංවර්ධන කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ලබාදුන් උපදෙස් මත පැවැත්වු මෙම සාකච්ඡාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති සහ තවත් පාර්ශවකරුවන් පිරිසක් සහභාගි වුහ.

මෙම අවස්ථාවට කිලිනොච්චි ගොවිජන සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් දේවරන්දන් මහතා, උතුරු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජගදීෂ්වරී මහත්මිය, 662 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමින්ද දයාවංශ, 66 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කිලිනොච්චි ගොවිජන සේවා කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ගොවිජන ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.