Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2022 18:05:20 Hours

යුද්ධ හමුදා භටපිරිස් හින්දු කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කරයි

‘තෛපොංගල්’ උත්සවයට සමගාමීව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 සහ 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව ජනවාරි මස 13 වන දින සිය බලප්‍රදේශයේ හින්දු කෝවිල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

ඒ අනුව, භටපිරිස් ‘තෛපොංගල්’ උත්සවයට ප්‍රථම ප්‍රදේශයේ ජනතාව අතර පවත්නා සුහදත්වය සහ සංහිදියාව තවදුරටත් වර්ධනය කරමින් මුලන්කාවිල් විෂ්ණු කෝවිල, ශිවන් හින්දු කෝවිල සහ පලෙයිනගර් කුට්ටි පුල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කරන ලදී. එදිනම, එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයන් ද භටපිරිස් විසින් පිරිසිදු කරන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත දියත් කළ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් එම ඒකකයන්හි අණදෙන නිලධාරින්ගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.