Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2022 12:07:16 Hours

දකුණු ආසියාවේ ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධතා මැඩලීම සඳහා සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අත්‍යවශ්‍ය වේ - ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි පවසයි

“සහයෝගීතාව, සම්බන්ධීකරණය හා විශේෂඥතාව විධිමත් කර ආයතනික ව්‍යුහයන් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් ප්‍රවර්ධනය කිරීම තුළින් දකුණු ආසියානු කලාපයේ පොදු නීතිමය සම්මුතියක් සහ ප්‍රවේශයක් ඔස්සේ ත්‍රස්තවාදය වලක්වමින් අපරාධ විරෝධී ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කළ හැකි බව” ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින පැවති “Countering use of Crypto Currencies to Finance Terrorism” සම්මන්ත්‍රණය මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අමතමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ගෝලීය සහ කලාපීය විශේෂඥයින්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රැසකගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ විශාලතම රූපවාහිනී ප්‍රවෘත්ති ආයතනයක් වන ‘Asian News International’ ආයතනය විසින් විශේෂ වාර්තාවක් ප්‍රතිනිර්මාණය කිරිම සඳහා පැවැත්වු මෙම සම්මන්ත්‍රණයේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිය දායකත්වය ලබාදුන්හ.

‘Asian News International’ ආයතනය විසින් පළ කරන ලද වාර්තාව පහත දැක්වේ;

“දකුණු ආසියානු කලාපයේ ත්‍රස්තවාදීන්ගේ සහ අපරාධ ක්‍රියාකාරීන්ගේ අන්තර් ජාතික ක්‍රියාකාරකම් ජාත්‍යන්තර දේශසීමා වල සිදුකිරීම වැළැක්වීමට සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අත්‍යවශ්‍ය බව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින පැවැති සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසු අතර, පොදු සහ එකඟ වූ ප්‍රතිපත්ති මත පදනම්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.”

“ත්‍රස්තවාදයට හෝ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා නීත්‍යානුකූල ප්‍රයත්නයන්හිදී, “සහයෝගීතාව, සම්බන්ධීකරණය හා විශේෂඥතාව විධිමත් කර ආයතනික ව්‍යුහයන් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් ප්‍රවර්ධනය කිරීම තුළින් දකුණු ආසියානු කලාපයේ පොදු නීතිමය සම්මුතියක් සහ ප්‍රවේශයක් ඔස්සේ ත්‍රස්තවාදය වලක්වමින් අපරාධ විරෝධී ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කළ හැකි බව “Countering use of Crypto Currencies to Finance Terrorism” සම්මන්ත්‍රණය අමතමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

“දකුණු ආසියානු කලාපයේ ත්‍රස්තවාදීන්ගේ සහ අපරාධ ක්‍රියාකාරීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීමට ජාත්‍යන්තර දේශසීමා සමඟ සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අත්‍යවශ්‍ය බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.

රේගු කටයුතු වලදී තොරතුරු හුවමාරු කරගැනීම, සංක්‍රමණික බාධක පැනවීම සහ ආයුධ, මත්ද්‍රව්‍ය හෝ යුදමය උපකරණ ප්‍රවාහනය හා ගබඩා කිරීම සඳහා පොදු නීතිමය එකඟතාවයකට පැමිණිම තුළින් සහයෝගීතාව වැඩිදියුණු කරගත හැකි බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

සැකකරුවන් පිළිබඳ සාක්‍ෂි එකතු කිරීම, අවශ්‍ය පුද්ගලයන් හුවමාරු කරගැනීම වැනි ක්‍රියාමාර්ග දීර්ඝ ලෙස පවත්වාගෙන යාම තුළින් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැඩිදියුණු කළ හැකි බව අවධාරණය කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රස්තවාදය සහ අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් වැළැක්වීමට කලාපීය රටවලට ඇති හැකියාව වැඩිදියුණු කිරීම වැනි කටයුතු සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල විධිමත් ක්‍රියාකාරීත්වය බෙහෙවින් උපකාරි වන බව පැවසීය.

“රටක හමුදා සාමාජිකයින්ට පුහුණුවට අමතරව දකුණු ආසියානු කලාපයේ සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණුවක් ලබාදීම ද අත්‍යවශ්‍ය වේ. කලාපයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සිදුකිරීම සඳහා කලාපීය අරමුදල් ද අවශ්‍ය වේ. මෑත කාලයේ ත්‍රස්තවාදයට එරෙහි ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීම තරමක් අපහසු වී ඇති බවද” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.

“දීර්ඝ කාලීන ත‍්‍රස්ත මර්දන මෙහෙයුම්වල නිරතව සිටින ඉතා පළපුරුදු හමුදාවක් ලෙස අප ක්‍රියාන්විතයන්හිදි ලද සුවිශේෂි අත්දැකීම් ත්‍රස්තවාදය සහ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් හිදී හුවමාරු කරගැනීමට අවස්ථාව උදාවන බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් පැවසීය.

“කලාපීය රටවල අන්තර් ජාතික අපරාධ සහ ත්‍රස්තවාදයට එරෙහි කටයුතු වලදී පොදු සහ එකඟ වූ ප්‍රතිපත්ති මෙන්ම මූලධර්ම මත පදනම්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ප්‍රතිසංස්කරණ කිරීම තුළින් රටවල් අතර, පවතින සහයෝගිතාවය වැඩිදියුණු කරගැනීමට හැකියාවක් පවතින බවද” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් පැවසුවේය.