Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th December 2021 06:15:44 Hours

චීන තානාපතිතුමන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ තානාපති අතිගරු ක්වයි ෂින්හුන් (HE Qi Zhenhong) මහතා ඉකුත් බදාදා (15) දින උතුරේ සංචාරයක නිරත වූ අතර එහිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නිහිදි එම ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ හමුවි සාකච්ඡාවක නිරත වූහ.

එම මූලස්ථානය වෙත සපැමිණි චීන තානාපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව දෙදෙනා අතර පැවති සුහඳ හමුවේදී වන්නි ප්‍රදේශයේ සංවර්ධන කාර්ය භාරයන් මෙන්ම සමාජ සුබසාධන ව්‍යාපෘති සඳහා හමුදාවේ දායකත්වය පිළිබද කෙටි පැහැදිලි කිරිමක් සිදු කළේය.

සාකච්ඡාව අවසානයේදී දෙදෙනා අතර සුහදතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.