Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2021 16:00:43 Hours

නික්මයන 11 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් අඟහරුවාදා (14) දින සිය ධූරයෙන් නික්ම ගියහ. එහිදි නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් කුණ්ඩසාලේ පිහිටි සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙත එම සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, මාස 8 ක පමණ කාලසීමාවක් එම සේනාංකයේ සේනාංකාධිපති ධුරය හෙබවූ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ භටපිරිස් ඇමතුවේය.

එහිදී, සිය ධූර කාලය තුල රාජකාරී සිදුකිරීමේදී 11 වන සේනාංකයේ සියලු නිලයන් විසින් ලබාදුන් නොමසුරු සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ යුද්ධ හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා කරගනිමින් එම සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන්ටද එතුමන් වෙත ලබාදුන් සහයෝගය එලෙසින්ම ලබාදෙන ලෙස භටපිරිස් දැනුවත් කළේය.

මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොඹවනු ලබයි.

11 වන සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සුභපැතුම් පිරිනැමීම වෙනුවෙන් එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් ද එක්ව සිටියහ.