Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2021 20:11:41 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පැවති අක්කරායන්කුලම් රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් ද එක්වෙයි

කිලිනොච්චි රෝහලේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ලේ බැංකුවේ හිඟවෙමින් පවතින ලේ සංචිත නැවත ප්‍රතිපූර්ණය කිරීමේ අරමුණින් පූනරින් ප්‍රදේශයේ ස්ථානගත 66 වන සේනාංක මූලස්ථානයට අයත් අක්කරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (10) දින ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන්, පොලිස් නිලධාරින් 05 දෙනෙක් සහ සිවිල් වැසියන් 21 දෙනෙක් ඇතුළු සාමාජිකයින් 115 දෙනෙකු ස්වේච්ඡාවෙන් සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

එම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ දැවැන්තම ලේ දන්දීමේ වැඩසටහන වන මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ 661 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමින්ද දයාවංශ ද සහභාගී වූහ.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කිලිනොච්චි ලේ බැංකුවේ වෛද්‍ය නිලධාරින්, හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ අනෙකුත් සුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිය වෘත්තීමය සහයෝගය ලබාදුන්හ.