Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2021 16:22:19 Hours

යුද්ධ හමුදා භටපිරිස් ඒ 15 මාර්ගය දෙපස කුඹුක් පැළ රෝපණය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 233 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (03) දින කායන්කර්නි ප්‍රධාන මාර්ගය දෙපස රුක් රෝපණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් හා 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ 233 වන බලසේනාවේ භටපිරිස් 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතියේදී, යුද්ධ හමුදා භටපිරිස් විසින් ඒ 15 මාර්ගය දෙපස කුඹුක් පැළ 100 කට අධික ප්‍රමාණයක් රෝපණය කරනු ලැබූහ.