Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2021 14:22:19 Hours

542 වන බලසේනාවේ මූලිකත්වයෙන් ප්‍රජා ජංගම වෛද්‍ය සායනයක්

‘Success’ සංවිධානයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (04) දින මඩු මාර්ගයේ පිහිටි බෝධිරාජ විහාරස්ථානයේදී ජංගම වෛද්‍ය සායනයක් පැවැත්විණි. මෙම වෛද්‍ය සායනය මන්නාරම පිහිටි 542 වන බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී. ‍

මෙම වෛද්‍ය සායනය මගින් විකුම්පුර සහ මාතරගාමම් ගම්මානවල වෙසෙන ගම්වාසීන් 60 දෙනෙකුට පමණ වෛද්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබා දෙන ලදී. තවද, මෙම සායනය අතරතුරදී ගම්වාසීන් 15 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදුන්හ.

විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය නිලධාරින්, හෙදියන් සහ වෛද්‍ය සහයකයින් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වෛද්‍ය සායනය 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු, 15 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ දෙවන අණදෙන නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහයෝගය ඇතිව පැවැත්විණි.