Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2021 17:39:01 Hours

“කාලෝචිත අවශ්‍යතාවයන් වෙනුවෙන් ආරක්‍ෂක අංශ නිරන්තරයෙන් කැප වී කටයුතු කරන බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්‍ෂක නිලධාරින් අමතමින් පවසයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි අපේක්‍ෂක නිලධාරින් ආමන්ත්‍රණය කිරීම යුද්ධ හමුදාධිපති විසින් සිදුකරනු ලබයි. ඊට සමගාමීව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් බදාදා (8) දින ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 15 හදාරන උපාධි අපේක්‍ෂක නිලධාරීන් අමතනු ලැබීය.

එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය‍දේශණය සිදුකරමින් “ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කාලෝචිත වූ විවිධ පුහුණු මොඩියුල සහ අභ්‍යාස හඳුන්වා දෙන අතරම, හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා ද නිරන්තර පුහුණුවීම් සිදුකරනු ලබන බවත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සමඟ දශක තුනක් පුරාවට පැවති මානුෂීය මෙහෙයුමෙන් ලද අත්දැකීම් මත නවීනතම යුද ක්‍රමවේද ඇතුළත් කරමින් අපගේ උපරිම හැකියාවන් තුලින් ඕනෑම ආරක්‍ෂක අභියෝගයකට මුහුණ දීමේ හැකියාව මේවන විට අප සතුව පවති. යුද්ධයේදී හෝ සාමයේදී, නවීන තාක්‍ෂණික පසුබිමක් මත සම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් ඔස්සේ සතුරු පාර්ෂවයන් බලගැන්වෙන පසුබිමකදී පරාජය කළ නොහැකි අභියෝගවලට මුහුණ දීමට සොල්දාදුවන් සූදානමින් සිටියි. 20 වැනි සියවසේ රාජ්‍යයන් අතර පැවති සාම්ප්‍රදායික යුද-සටන් ප්‍රාන්තයන් තුළ ඇති වූ ගැටුම් මගින් ප්‍රතිස්ථාපනය කර ඇති අතර එය ලොව පුරා අනෙකුත් රටවලට ද බලපෑම් ඇති කරන මට්ටමට සංකීර්ණ වී ඇත. සටන්කාමීත්වය මත පැවති පීඩනය, ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික සහ මානසික පීඩනයන් සමඟ ප්‍රතිස්ථාපනය වී ඇති හෙයින් ඒවා සටන් කිරීමට වඩා අභියෝගාත්මක ස්වරුපයක් ගෙන ඇත. එහි සංකීර්ණත්වය මතවාදයන් සහ මමත්වය මත පදනම් වූ පසුබිමක වර්ධනය වන බැවින් සටන්කාමීත්වය තුලින් එම මතවාදයන්ට පිළිතුරු සෙවීම අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇති බව” ප්‍රකාශ කරන ලදී.

‘සමකාලීන ආරක්‍ෂක ක්‍රමවේදය තුළ සන්නද්ධ හමුදාවන්ගේ කාර්යභාරය’ (Role of Armed Forces in the Contemporary Security Landscape) යන තේමාව ඔස්සේ අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් වර්තමානයේ පවතින බහුවිධ සහ සංකීර්ණ ආරක්‍ෂක අභියෝග සඳහා හුදු සෘජු හමුදා බලය භාවිතා කරනවාට වඩා ක්‍රමානුකූලව එකිනෙකට බැඳී ඇති ප්‍රවේශයන් සහ මෙහෙයුම් මාර්ග අවශ්‍ය වන බව පෙන්වා දෙයි. තවද “ආරක්‍ෂක ක්‍රමවේදය නිරන්තරයෙන් වෙනස් වන අතර එය පැහැදිලිව පෙනෙන නිර්ණායක කිහිපයකට යොමු කළ නොහැකි බව සාම්ප්‍රදායික මතය බවත් එම නිසා ඊලග අර්බුධය අත්දැකීමෙන් විතරක් ජයගත නොහැකි බව අප තේරුම්ගත යුතුයි. මට ඔබට දිය හැකි හොඳම උදාහරණය කොවිඩ්-19 වසංගතයයි; කුඩා වෛරසයක් සියලුම සාම්ප්‍රදායික ආරක්‍ෂක මානයන් අභිබවා යනු ඇතැයි මීට වසර තුනකට පෙර අප කවදා හෝ සිතුවාද?” හෙතෙම ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ අධ්‍යාපන කටයුතු සඳහා ස්ථාපිත කරන ලද ජාත්‍යන්තර කීර්තිමත් අධ්‍යයන ආයතනයක් වන සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවති දේශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත්, එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාණ්ඩලික නිලධාරින් සහ පාඨමාලා අංක 15 හි දේශීය හා විදේශීය ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගෙන රතුපලස් මතින් ප්‍රධාන ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක - 15 සඳහා පාකිස්ථානය, බංග්ලාදේශය, රුවන්ඩාව, මාලදිවයින, ඉන්දුනීසියාව, නේපාලය, ඇමරිකා එක්සත් ජනපදය, සෙනගාලය සහ සෞදි අරාබිය යන රටවල් නියෝජනය කරමින් 18 දෙනෙකු ඇතුළු උපාධි අපේක්‍ෂකයින් 146 දෙනෙකු සහභාගී විය. තවද, යුද්ධ හමුදා නිලධාරින් 76 දෙනෙකු, නාවික හමුදා නිලධාරින් 25 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරින් 26 දෙනෙකු ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 15 සඳහා සහභාගී වේ.

මෙහිදී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සිය දේශනය සිදුකරමින් මෙම අවස්ථාවට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උපාධි අපේක්‍ෂක නිලධාරින් වෙත එතුමන් පිළිබඳ කෙටි හඳුන්වාදීමක් ද සිදුකළේය. දේශනය අවසානයේ, උපාධි අපේක්‍ෂකයින්ට ගැටළු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ද අවස්ථාවක් උදාවිය. මෙම උත්සවය සමාප්තියේ මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සියලුම උපාධිදාරින් නියෝජනය කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිදාරින් අමතමින් එතුමන් “අප බොහෝ දුරට සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබන අතර අපගේ විරුද්ධවාදීන්ට සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් එපිට බොහෝ විකල්ප ඇති බව අප මතක තියාගත යුතුයි. වර්ථමානයේ අන්තවාදී කණ්ඩායම් පොදු ජනතාව අතර බොහෝ සෙයින් ව්‍යාප්ත වී ඇති අතර එමඟින් තවත් අන්තවාදීන් බිහිකිරීම කාර්යක්‍ෂමව සිදුකිරීම, ජනතාව පෙළඹවීම, අන්තවාදය ප්‍රචාරණය කිරීම, අවි ආයුධ මිලදී ගැනීම සහ ව්‍යාජ මුදල් හුවමාරු කිරීම සිදුකරනු ලබයි. එම තර්ජනයන් මඟහරවාගැනීම වෙනුවෙන් අප එක්සේසත්ව මනා සම්බන්ධතාවයකින් කටයුතු කළයුතුව ඇත. එසේ වූවහොත් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අපට හැකිවනු ඇත. එම අවශ්‍යතාවයන් සාක්‍ෂාත් කරගැනීම සඳහා ශක්තිය ලබාදෙන මෙවලම සමගිය බව මා විශ්වාස කරමි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ සකස් කරනු ලැබුවේ මෙම කරුණු පදනම් කරගෙන බව” ප්‍රකාශ කරන ලදී.

මෙම උපායමාර්ගික සැලැස්ම සාක්‍ෂාත් කරගැනීම සඳහා රට නියාමනය වන ආකාරය සහ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025‘ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ න්‍යාය පත්‍රයට සමගාමීව ක්‍රියාත්මක කරන ආකාරය සහ ඊට සමගාමීව සන්නද්ධ හමුදාවන්ගේ කාර්යභාරය පිළිබඳ හමුදා නායකයින් සතුව පුළුල් දැනුමක් සහ අවබෝධයක් තිබිය යුතු වේ.

“මෙම පුහුණුව තුලින් වර්තමාන පවතින ආරක්‍ෂක සන්දර්භය සහ එයට මුහුණදීම සඳහා අප සතුව පවතින හැකියාව පිළිබඳ අවබෝධ කරගතහැකි ක්‍රමවේදයන් පිළිබඳ ඉගැන්වෙන බව මා විශ්වාස කරමි. ආරක්‍ෂාව සහ ආරක්‍ෂාව සඳහා වන ප්‍රවේශයන් වැඩිදියුණු වී ඇති බැවින් නවීකරණය වන ආරක්‍ෂක ක්‍රමවේදයන් සමඟ වේගයෙන් ඉදිරියට යා යුතු වේ. ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික මෙහෙවර ක්‍රියාවට නැංවීමෙහිලා සන්නද්ධ හමුදාවන් වශයෙන් විශාල කාර්යභාරයක් අපසතු වන අතර එහිදී, ප්‍රමුඛත්වය ලබාදිය යුතු කරුණු පිළිබඳ සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය වන අතර අපගේ සන්නද්ධ හමුදාවන් බුද්ධිමත්ව සහ උපායමාර්ගික වශයෙන් කටයුතු කරමින් අනපේක්‍ෂිත බලපෑමකදී ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය වන බව” ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් ප්‍රකාශ කළේය.  

“පසුගිය කාල වකවානුවේ හමුදාවන් ආරක්‍ෂක කටයුතු සඳහා අදාළ නොවන මෙහෙයුම් සඳහා කැපවී කටයුතු කළ අතර අනාගතයේදීද එම කටයුතු අඛණ්ඩව සිදුකිරීමේ වැඩි සම්භාවිතාවයක් පවතී. ඒ අනුව, මෙම කටයුතු සඳහා අවශ්‍ය නෛතික ආවරණයන් සමඟින් පූර්ණ පුහුණුව, ප්‍රමාණවත් සම්පත් සමගින් අපගේ ත්‍රිවිධ හමුදාව බලගැන්වීම අවශ්‍ය වේ. මීට අමතරව, නව උපායමාර්ගික ක්‍රමවේදය තුලින් යුක්ති සහගත අරමුණු සඳහා සන්නද්ධ හමුදාවන් යොදා ගනිමින් ආයතනික මට්ටමේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා ජාත්‍යන්තර නීති රාමුවට වගකීම, වගවීම සහ අනුකූලතාවය තහවුරු කරමින් නිර්වචනය කළයුතු බව” ද එතුමන් ප්‍රකාශ කරන ලදී.