Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2021 14:53:50 Hours

මුලන්කාවිල් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

මුලන්කාවිල් රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සඳුදා (22) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ උපදෙස් මත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ක්‍රියාවට නැංවු මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සිය සහයෝගය ලබාදුන්හ.