Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2021 14:53:41 Hours

513 වන බලසේනාවේ මුලිකත්වයෙන් ගර්භනී කාන්තාවන්ට පෝෂ්‍යදායි ආහාර සහ ළමා ඇඳුම් අඩංගු පාර්සල් පරිත්‍යාග කෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවේ භටපිරිස් කීරමලේ ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර, ළමා ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් පසුගිය සෙනසුරාදා (20) දින පරිත්‍යාග කරන ලදී. 513 වන බලසේනාව වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පුද්ගලික සමාගමක් විසින් මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

මෙම පරිත්‍යාග වැඩසටහන 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් හා 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මොහොමඩ් ෆාරිස් ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, තෙලිප්පලේ සහකාර ප්‍රාදේශිය ලේකම් සංගීතා කෝගුලදර්ශන් මහත්මිය සමඟින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහ තවත් සිවිල් නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.