Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2021 14:00:57 Hours

57 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹේ

‘57 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය - 2021’ අද (22) දින උදෑසන සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයකදී ආරම්භ වූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

රෙජිමේන්තු මධ්‍යස්ථානවලදී පැවති මූලික තරඟවට වලින් දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමෙන් අනතුරුව සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියගණනකගේ සහභාගිත්වයෙන් පිරිමි සහ කාන්තා මළල ක්‍රිඩා ඉසව් 52 ක් එළඹෙන සිකුරාදා (26) දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම උත්සවය සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ 1 වන බලකායේ බලකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් පිළිගනු ලැබූහ.

කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම ශූරතාවලිය අවසානයේ ජාතික සංචිතය සඳහා ක්‍රීඩකයින් තොරාගනු ලබයි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් උදය කුමාර, ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.