Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2021 13:30:24 Hours

‘දීපවාලි’ සැමරුම් උත්සවයට 65 වන සේනාංකයේ භටපිරිස් එක්වෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සහ651, 652 හා653 වන බලසේනා වල භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින දීපවාලි සැමරුම් උත්සවට සමගාමීව පලිනගර්, තුනුක්කායි සහ මඩු යන ප්‍රදේශවල ප්‍රජා සත්කාරක ව්‍යාපෘති කිහිපයක් දියත් කෙරිණි.

ඒ අනුව, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව,19වන ශ්‍රී ලංකා පාබල හමුදාව,24 වන ගජබා රෙජිමේන්තුව සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දිපවාලි දිනයේ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ එම රෝහල්වල කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි හින්දු පවුල් වෙනුවෙන් ආහාර පාර්සල් සහ කෙටි ආහාර පරිත්‍යාග කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ උපදෙස් මතඑම සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.  

මෙම දීපවාලි උත්සවයට සමගාමීවයුද්ධ හමුදා භටපිරිස්මල්ලාවි සහ මුලන්කාවිල් රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ එමරෝහල් වල කාර්ය මණ්ඩලය සඳහාත් මුලන්කාවිල්, නාච්චිකුඩා, ආලන්කුලම්, ඉරනමතනගර්, සිරද්දිකුලම්, අම්බල්පුරම්, පලිනගර්, කිරිසුද්දාන් සහ කල්විලාන්ග්‍රාම නිලධාරි වසම්වල පදිංචි අඩු ආදායම්ලාභි හින්දු පවුල් සඳහාත්ආහාර පාර්සල් 505 ක් බෙදාදීමට කටයුතු කරන ලදී.