Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2021 11:53:24 Hours

යාපනයේ භටපිරිස් හින්දු භක්තිකයන් සමඟ එක්ව ‘දීපවාලි’ උත්සවය සමරයි

යාපනය අර්ධද්වීපයේ ජනතාව අතර සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින යාපනයේ මරුතනාර්මඩම් ආංජනේයර් කෝවිලේදී පවත්වනු ලැබූ වාර්ෂික ‘දීපවාලි’ සැමරුම් උත්සවයට එක් වූහ.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ ආරාධනයකට අනුව ආංජනේයර් කෝවිලේදී පැවති දීපවාලි උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී විය. ලොව පුරා හින්දු බැතිමතුන් විසින් සමරන උතුම් ‘දිපවාලි’ පූජෝත්සවය සඳහා යාපනය බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

එම උත්සවය අතරතුර, යාපනය භටපිරිස් විසින් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් එම ප්‍රදේශයේ පාසල් සිසුන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් අතර ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී.

මෙම ආගමික උත්සව අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, 511 වන බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.