Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2021 13:03:24 Hours

කනගරායන්කුලම් ප්‍රදේශයේ පානීය ජල පහසුකම් ස්ථාපිත කෙරේ

කනගරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි 561 වන බලසේනාවේ භටපිරිස් ඒ 9 මාර්ගයේ ගමන් කරන පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජල සම්පාදන ඒකකයක් ස්ථාපිත කර ඉකුත් අඟහරුවාදා (02) දින විවෘත කරන ලදී.

ජනාකීර්ණ මෙම මාර්ගයේ ජලය ලබාගැනීමට කිසිදු ස්ථානයක් නොමැති වීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමට මෙම ස්ථානය උපකාරී වනු ඇත.

මෙම ජල සම්පාදන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට 561 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියංග කුලතිලක සහභාගි වූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.