Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2021 12:31:53 Hours

572 වන බලසේනාවේ භටපිරිස් හදිසි ආපදා තත්ත්වයට සුදානම්

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ආපදා සහ ගංවතුර අවදානම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ ආපදා ප්‍රතිචාර අභ්‍යාසයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 572 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් දියත් කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල ගේ අධීක්‍ෂණය යටතේ 572 වන බලසේනා බලප්‍රදේශයේ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශ ආවරණය කරමින් දින දෙකක් පුරා (ඔක්තෝබර් 28-29) මෙම අභ්‍යාසය දියත් කෙරිණි.

මෙම පුහුණු අභ්‍යාසය අතරතුරදී, ගංවතුර හෝ වෙනත් ස්වභාවික ආපදා අවස්ථාවකදී සහන සැලසීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම් සිදුකරනු ලබන මෙහෙයුම්, ප්‍රජා සහයෝගය ලබාගැනීම, ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම සහ විපතට පත්වූවන්ට වෛද්‍ය ආධාර ලබාදීම පිළිබඳ භටපිරිස් පුහුණු කළහ.