Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2021 20:50:59 Hours

උපකරණ පාලන නිලධාරි පාඨමාලා අංක - 24 සාර්ථකව අවසන් වෙති

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලකා පුහුණු පාසලේදී පැවති උපකරණ පාලන නිලධාරි පාඨමාලා අංක - 24 පසුගිය සිකුරාදා (08) දින සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු ආයතන දෙකක් තුළ පැවති මෙම පාඨමාලාව සඳහා උපකරණ පාලන නිලධාරින් 42 දෙනෙකු සහභාගී වූහ. සැප්තැම්බර් මස 09 දින ආරම්භ වූ මෙම පාඨමාලාවේ පළමු අදියර යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී පැවැත්විණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව මෙම පුහුණු වැඩසටහන යුද්ධ හමුදා පුහුණු අණසක ගේ උපදෙස් හා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.

මෙම පාඨමාලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ බළලත් නිලධාරින් සුදුසුකම් වලින් පරිපූර්ණ උපකරණ පාලන නිලධාරින් ලෙස අධිකාරියට පත්කිරීමේ අරමුණින් පවත්වන ලදී.

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවයේ අවසන් දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේචඡා බලසේනාවේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිනාත විසින් සිදුකළේය.