Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2021 21:00:59 Hours

දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා යුද්ධ හමුදා භටපිරිස් ජීවිත ආරක්‍ෂක පුහුණු වැඩසටහනක

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක සේවය සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට ජීවිත ආරක්‍ෂක පුහුණු වැඩසටහන් සඳහා පෙරහුරු වැඩසටහනක් බදාදා (06) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී පැවැත්විණි.

European Resuscitation Council කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව පවත්වනු ලබන මෙම එක්දින පුහුණු වැඩමුළුව දේශන, පුහුණුවීම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් සමන්විත වන අතර, මෙම වැඩසටහන සඳහා වෛද්‍යවරුන්, හෙදියන් සහ ශල්‍යාගාර කාර්මික ශිල්පීන් ඇතුළු සාමාජිකයින් 25 දෙනෙකු සහභාගී වූහ.

මෙම පුහුණු වැඩසටහන කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන වෛද්‍ය, උපදේශක සහ පාඨමාලා අධ්‍යක්‍ෂ කර්නල් වෛද්‍ය චම්පික අබේසිංහ විසින් සංවිධානය කරන ලදී. යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන හා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් 8 දෙනෙකු මෙම පාඨමාලාවේ උපදේශක මඩුල්ලට ඇතුළත් විය.