Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2021 21:05:59 Hours

යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් 52 වන සේනාංකය වෙතින් පාසල් පොත් පරිත්‍යාග කරයි

යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනාවේ භටපිරිස් 15 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව යාපනය, පූතූර් ප්‍රදේශයේ පිහිටි පූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ සිංහල හා දමිල මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 45 දෙනෙකු වෙත ලිපි ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී.

පූතූර් සහ යාපනය ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් පූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ හිමිපාණන් විසින් 1967 වසරේදී මෙම පාසල ආරම්භ කරන ලදී.

ඒ අනුව, 522 වන බලසේනාවේ බලසේනාධිපතිගේ ඉල්ලීමකට අනුව වාර්යපොල ප්‍රදේශයේ පූජ්‍ය වඩුගෙදර සාරානන්ද හිමිපාණන්, බියගම ‘සුප්‍රීම්’ ඇඟළුම් කර්මාන්තයේ (Supreme Garments) මංජුල ධර්මසේන මහතා, සුරේෂ් චන්ද්‍රපාල මහතා සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 98 වන කණ්ඩායමේ සාමාජිකයින්ගේ අනුග්‍රහය ඇතිව රු.3500.00 ක වටිනාකමකින් යුත් ලිපි ද්‍රව්‍ය පාර්සල් 45 ක් පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදුන්හ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සමඟින් 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සහභාගී වුහ.

මෙම අවස්ථාවට පූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ සිංහල හා දමිල මිශ්‍ර පාසලේ විදුහල්පති ඇතුළු ගුරුවරුන්, රාජ්‍ය නිලධාරින් සහ යුද්ධ හමුදා නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.