Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2021 20:35:59 Hours

සඳහිරු සෑයේ කොත් වහන්සේ වැඩම කරවන රථ පෙළපාලිය සඳහා බදුල්ලේ පිහිටි 112 වන බලසේනාවේ භටපිරිස්වල සහය

සඳහිරු සෑයේ පැළඳවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මේ වනවිට රථ පෙළහරකින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ඔස්සේ වැඩම කරවමින් සිටින අතර පසුගිය බදාදා (07) දින එම රථ පෙළපාලිය බදුල්ල දිස්ත්‍රික්කයේ මුතියන්ගණය ප්‍රදේශයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමි වූහ. එම රථ පෙළපාලිය සඳහා අවශ්‍ය සහයෝගය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් විසින් ලබාදුන්හ.

චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා අගෝස්තු මස (05) දින සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විවෘත කරනු ලැබූ අතර මෙම රථ පෙළපාලිය දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක පිහිටි විහාරස්ථාන 48 ක් වෙත වැඩම කරවා දින 47 ක් සම්පූර්ණ කිරීමෙන් පසුව අනුරාධපුර පූජා භූමිය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

මෙම පුණ්‍ය වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් හා 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදි.