Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2021 21:10:59 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 08 දෙනෙකුට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය එළඹීමට පැය කිහිපයකට ප්‍රථම සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී සෙනසුරාදා (09) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 08 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පැළඳවීය.

වෘත්තීය දිවියේ අනාගත කටයුතු වෙනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද නිලධාරින් 08 දෙනා වෙත සිය සුභපැතුම් පිරිනමන ලදී. ඉන් අනතුරුව, නව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත නිල ලාංඡන පැළඳවීය. මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පහතින් දැක්වේ:

යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ අධ්‍යක්‍ෂ ජෙනරල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන්, සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරල්, සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ජෙනරල් රොබින් ජයසූරිය, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සංජය ප්‍රනාන්දු, 58 වන සේනාංකයේ සේනාංකාධිපති, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, 66 වන සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙලෙස නව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.