Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2021 15:19:04 Hours

593 වන බලසේනාවේ නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කෙරේ

මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි 593 වන බලසේනා මූලස්ථානයේ ඉදිකරනු ලැබූ නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය පසුගිය බදාදා (06) දින ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සුරතින් විවෘත කරන ලදී.

59 වන සේනාංකය යටතේ ස්ථාපිත 593 වන බලසේනාවේ වත්මන් බලසේනාධිපති කර්නල් විශ්වජිත් විද්‍යානන්ද සහ එම බලසේනාවේ හිටපු බලසේනාධිපති මෙන්ම ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වත්මන් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් වසන්ත පාලමකුඹුර විසින් කරන ලද ආරාධනාවකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් විසින් මෙම බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කළේය.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් යුද්ධ හමුදා ප්‍රතිපාදන භාවිතා කරමින් සිදුකරනු ලැබූ අතර ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය එම බලසේනාවේ භටපිරිස් වෙතින් සපයනු ලැබූහ.

මෙම බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කිරීමේ අවස්ථාව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති - මුලතිව් බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බලසේනාධිපතිවරුන්, 18 වන ගැමුණු හේවා බලකාය හා 16 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරින්, තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.