Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2021 23:01:59 Hours

ධුරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සිය ධුරයෙන් නික්ම යාමට ප්‍රථම එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත විය.

65 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිංහ විසින් පිළිගත්තේය. පසුව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් අනතුරුව , මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර පසුව භටපිරිස් ද ඇමතූවේය.