Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2021 17:40:14 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය 37 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට අද (12) දිනට වසර 37 ක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් මාලාවක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත අද (12) දින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණ.

එම වැඩසටහන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මියගේ මුලිකත්වයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

ඉතා චාම් අයුරින් පැවැත්වූණු සංවත්සර සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අඛණ්ඩ සුභසාධන කාර්යභාරය සංකේතවත් කරමින් රෙජිමේන්තු සේවා වනිතා ඒකකවල පවුල්වලට අයත් සිසුන් 10 ක් අතුරින් එක් අයෙකු වෙත ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කරනු ලැබිණ. එසේම, සංවත්සර වැඩසටහනට සමගාමීව මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 150 දෙනෙකුට දිවා ආහාරවේලක් සැපයීමද අද සිදුකෙරිණ.

මෙම සුවිශේෂි දිනයෙහි තවත් ප්‍රධානතම අවස්ථාවක් ලෙස දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරනු ලැබු සේවාවන් ඇතුලත් ‘මෙහෙවරක අසිරිය’ සඟරාවේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කළහ.

2019 වසරේ අගෝස්තු මස 19 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස පත්වු වත්මන් සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය සමගින් සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි ශ්‍යමලි බණ්ඩාර මැතිණිය, සේවා වනිතා ඒකකයේ ලේකම් සුමාලි මාදොල මැතිණිය, සේවා වනිතා ඒකකයේ උප ලේකම් ශ්‍යාමිණි කොටුවේගොඩ මැතිණිය, මහජන සම්බන්ධතා නිලධාරීනි දීපා හඳුන්මුල්ල මැතිණිය, උප මහජන සම්බන්ධතා නිලධාරිනි නෙලුම් වඩුගේ සහ ව්‍යාපෘති නිලධාරිනි චාමා වනිසංහ මැතිණිය යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරනු ලැබු සේවාවන් ඇතුලත් ‘මෙහෙවරක අසිරිය’ සඟරාවේ මංගල පිටපත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කළහ.

මෙම සංවත්සර සැමරුම් සඟරාව වත්මන් සභාපතිනියගේ මුලිකත්වයෙන් යුත් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය පසුගිය වසර කිහිපය තුල සිදුකරනු ලැබු ප්‍රජා සුභසාධන ව්‍යාපෘතින් සාරංශ ගතකොට මෙහි ලේඛණගත කර ඇත.

වසර ගණනාවක් තිස්සේ යුද්ධ හමුදාවේ විරෝදාර රණවිරුවන්ට, රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ සිවිල් කාර්යමණ්ඩලයේ යහපත උදෙසා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලැබු විශිෂ්ඨ සේවාව අගය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය හෘදයාංගම සුබපැතුම් මෙහිදි පිරිනැමුවේය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය අඛණ්ඩව සිදුකරන ව්‍යාපෘතිවලට අමතරව සිදුකරනු ලබන සේවාවන් යුද්ධ හමුදාවට ශක්තියක් බවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් ප්‍රතිකාර සිදුකිරීම සඳහා සීදුව ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දැක්වු දායකත්වය ඒ අතුරින් කැපීපෙනෙන ව්‍යාපෘතියක් බවත් නව සුභසාධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් අඛණ්ඩව සිදුකරනු ලබන ව්‍යාපෘති සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභාශිංසන අතර එක් කළේය.

එමෙන්ම, කොළඹ මේට්ලන්ඩ් පෙදෙසේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරමින් පවතින හෝටලය සහ උත්සව ශාලාවේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද සොයාබැලු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එමගින් කොළඹ සහ එහි තදාසන්න ප්‍රදේශවල සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද සිය අදහස් පළ කළේය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ පරිපාලකයින් මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී.

එසේම අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් එහි ප්‍රතිලාභයන් ඉතා ඉමහත් බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි ප්‍රකාශ කරන ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් තුෂාර බාලසුරිය, කර්නල් පාලන කර්නල් අරුණ විජේකොන් සහ මාණ්ඩලික නිලධාරී 1 (ව්‍යාපෘති) ලුතිනන් කර්නල් අයි.ඩි.එස්. ධර්මරත්න සහභාගි වූහ.