Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2021 16:35:00 Hours

“යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා සිටින්නේ සෞඛ්‍ය සේවකයින්ට සහායවීමට මිස කිසිදු මැදිහත්වීමකට නොවන බව” කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි.

“කොවිඩ්-19 පාලන කටයුතු සඳහා සෞඛ්‍ය සේවකයින්ට සහාය වීමට යුද්ධ හමුදාව යොදවා සිටින්නේ යුද්ධ හමුදාවේ ධාරිතාව, හැකියාව සහ වෘත්තීය නිපුණත්වය පිළිබඳ හොදින් දන්නා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බවත්, එය සෞඛ්‍ය කටයුතුවලට පුර්ණ වශයෙන් සහයෝගය ලබාදීමක් පමණක් බවත්”කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (12) දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීමෙම විශේෂ සාකච්ඡාව පැවැත්වූහ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ විද්වත් කමිටු සාමාජිකයින්, වසංගත රෝග විද්‍යා විශේෂඥයින් හා වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (12) දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීපැවැති විශේෂ සාකච්ඡාවේදී කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින් වාර්තාවීම සහ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ වාර්තාවීම සම්බන්ධයෙන් ලබාදෙනු ලබන සංඛ්‍යා ලේඛණවල විශමතා පැවතිම මෙන්ම කඩිනමින් නොලැබෙන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වාදුන්නේය. මෙම කල්ගතව ලැබෙන සංඛ්‍යා ලේඛණ අවසාන වශයෙන් මහජනයාට සහ කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ අනාගත සැලසුම් සකස් කරන පාර්ශවයන් වෙත කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත් කිරීමේදී තොරතුරු පිළිබඳ ගැටලු සහගත අවස්ථාවන් උද්ගත වන බැව් පෙන්වාදෙන ලදී.

මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටි වසංගත රෝග විද්‍යා ඒකකයට ස්තූතිය පුද කල ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩි විශ්වාසනීයත්වයක් යුතුව ඔවුන්ගේ ක්‍රියාපටිපාටි තවදුරටත් කඩිනම් කර විධිමත්ව ඉදිරිපත් කරන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි ඉල්ලා සිටින ලදී.දිරිගැන්වීම් හා විවේචන මධ්‍යයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලබන සෞඛ්‍ය අංශ සඳහා කෘතඥතාව පල කළ යුද්ධ හමුදාධිපතිතුමන් පසුගිය සති 3 තුළ සිදුවූ මරණ පිළිබඳ වාර්තා කිරීමේදී එම සංඛ්‍යාවන් යම් මට්ටමකින් ව්‍යාකූල තත්ත්වයක් තිබු බැවින් තොරතුරු ලබාදීමේදී එම අවශ්‍යතාවය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස සියලුදෙනා වෙත පැවසීය. එන්නත්කරණ ක්‍රියාවලිය සහ ඉදිරි දිනවලදී සංචාරණ සීමාවන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි ප්‍රකාශ කළේය.

දීර්ඝ සංචාරණ සීමාවන් පැනවීමට හේතු වූ කරුණු පිළිබඳව අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් පැවසුයේ අතිගරු ජනාධිපතිතුමන් සෞඛ්‍ය විශේෂඥයින් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා සංචරණ සීමාවන් දිර්ඝ කිරීමට තීරණය කල බවයි. අප සංවර්ධනය වෙමින් පවතින රටක් බැවින් රට දිගින් දිගටම වසා දැමිය නොහැකි බව අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍ය තුමන් ඇතුළු රජයේ අදහස බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදිපැවසීය.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා, යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වාදුන් ගැටළු නිරාකරණය කිරීමට පියවර ගන්නා බව පැවැසු අතර එන්නත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම මරණ වාර්තා කිරීමේ ප්‍රමාදයන් ද පැහැදිලි කළේය. මෙම සාකච්ඡාවේදී, වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජිතයින් විසින් රජයේ නවතම චක්‍රලේඛයන්ට අනුකූලව පී.සී.ආර් පරික්‍ෂණ සිදුකිරීම, අහඹු පී.සී.ආර්පරීක්‍ෂණ සිදුකිරීම, රැපීඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකිරීම පිළිබඳ උපායමාර්ගයන් පැහැදිලි කළේය.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත වගකිවයුතු පාර්ශවයන් ලෙස කැපවීමෙන් යුතුව තාක්‍ෂණය භාවිතා කරමින් විශේෂයෙන්ම පී.සී.ආර්.පරීක්‍ෂණ පැවැත්වීම, රැපීඩ් ඇන්ටිජන් පරික්‍ෂණ පැවැත්වීම, රෝගීන් රෝහල්වලින් බැහැරවයාම, කොඩ්-19 වෛරසය ආසාදිත මරණ වාර්තා කිරීම,රසායනාගාර ක්‍රියාවලිය, එන්නත්කරණය, වෛරසය ආසාදිත රෝගින් පිළිබඳ නිරවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට සියළුම අංශවල ඵලදායීතාවය සහ කාර්යක්‍ෂමතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමු කරන ලදී.