Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2021 17:35:21 Hours

රත්නපුර මූලික රෝහලේ භාවිතය සඳහා ගැළවීමේ හමුදාවෙන්නව වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

ස්වසන අපහසුතා සහිත කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීමට කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා ගැළවීමේ හමුදා මුලස්ථානයේ (Salvation Army) ප්‍රධානි කර්නල් නිහාල් හෙට්ටිආරච්චි විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිකුරාදා (04) දින යුද්ධ හමුදා මුලස්ථානයේදි රුපියල් ලක්‍ෂ 13 ක වටිනාකමකින් යුත් බයිපැප් වෙන්ටිලේටර් (Bipap Ventilator) යන්ත්‍රයක් ප්‍රදානය කළේය. ගැළවීමේ හමුදා ජාත්‍යන්තර අරමුදල (SAWSO) මගින් ශ්‍රි ලංකාවේ කොවිඩ් - 19 මර්දනය හා ප්‍රතිකාර කටයුතු සදහා වෙන්කල මුදලින් මෙම වෙන්ටිලේටර් යන්ත්‍රය මිලදිගෙන පරිත්‍යාගය සිදුකරන ලදී.

මෙම වෙන්ටිලේටර් යන්ත්‍රය කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීමට රත්නපුර මුලික රෝහල වෙත ඉදිරියේදි ලබාදිමට කටයුතු සැලසුම් කොට ඇත.

මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ගැළවීමේ හමුදාවේ සම්බන්ධීකරණ ලේකම් ලුතිතන් කර්නල් රංජිත් සේනාරත්න, මහජන සම්බන්ධතා ලේකම් ලුතිතන් කර්නල් ඇලිස්ටර් පිලිප් සහ පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපෘති කළමණාකරු දිනුක රාජපක්‍ෂ මහතා යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණ සිටියහ.