Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2021 15:49:59 Hours

ධූර කාලය අවසන් කළ රුසියානු ආරක්‍ෂක උපදේශකතුමන් සිය රට බලා යෑමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් බැහැදකී

රාජකාරි කාලසීමාව අවසන්ව නික්ම යන රුසියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) බදාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ සිය මතකයන් මෙන්ම සිය සේවා කාලය තුලදී ත්‍රිවිධ හමුදාව සමඟ පැවති මිත්‍රශීලි සබඳතාවයන් ද යළි ආවර්ජනය කළේය.

නික්ම යන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගීතාවය සහ සුහදත්වය වෙනුවෙන් යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාවය පළකල අතර යුද්ධ හමුදාවේ මනා අවබෝධය සහ සහෝදරත්වය වෙනුවෙන් ද ස්තූතිවන්ත වූයේය.

මෙහිදී, රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයන් සිහිපත් කළ යුද්ධ හමුදාධිපති සහ රුසියානු ආරක්‍ෂක උපදේශක අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද කරුණු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහකාර රුසියානු ආරක්‍ෂක උපදේශක ද සහභාගී වූහ.