Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2021 22:10:03 Hours

හානියට පත් මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ භටපිරිස් එක්වෙති

ගිනිගැනීමට ලක්වූ ‘X-Press Pearl’ නෞකාවේ රසායනික සුන්බුන් හේතුවෙන් දූෂණයට ලක්වෙමින් පවතින මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීම සහ විනාශයට පත්වෙමින් පවතින සාගර සම්පත ආරක්‍ෂා කරගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර සලකා බලමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ විශේෂ භටපිරිස් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (27) දින මීගමුව වෙරළ තීරය වෙත ගොස් තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ.

මෙම මෙහෙයුම සඳහා 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ භටපිරිස් සමගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සාමාජිකයින්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූහ.

හානියට පත්වූ කිලෝමීටර් 4.8 ක ප්‍රමාණයේ දුරකින් යුත් මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා වූ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.