Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2021 08:46:15 Hours

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා තවත් හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටව යයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය (Combat Convoy Company) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුභපැතුම් මධ්‍යයේඅද (21) දින උදෑසනදිවයිනෙන් පිටත්වූහ.

දිවයිනෙන් පිටත්ව ගිය යුද්ධ හමුදා භටපිරිස් වෙත සුභපැතීමසඳහා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ගුවන් තොටුපල වෙත පැමිණියහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරන නිලධාරීන් සහ සෙසු නිලයන් 212 දෙනෙකුගෙන් මෙම සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) සමන්විතය.

තුන්වන අදියර යටතේ ප්‍රථමයෙන් මාලි රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහල සහ දෙවනුව මාලි රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ දෙවන අණදෙන නිලධාරී මේජර් එල්උඩගෙදර ඇතුළු මාලි රාජ්‍ය බලා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සියලුදෙනාට සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව යන යුද්ධ හමුදා සාමාජිකයින් විසින්යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමක් සිදුකරන ලදී.

මීට ප්‍රථම, අප්‍රේල් මස 10 වන දින මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය (Combat Convoy Company) කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ට ගෞරවාචාර පිරිනැමූහ.

ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිළයින් බහුතරයකින් සමන්විත මෙම සාමසාධක භට ඛණ්ඩයට, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය,ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය,ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායසහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායනියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිළයින් ඇතුළත් වෙති.

තවත් සාමසාධක භටයින් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉදිරියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. එසේම, දැනට මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී ඉටුකරමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 240 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) (දෙවන අදියර) එම රාජකාරි ඉටුකිරීමෙන් අනතුරුවඅදියර දෙකක් යටතේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහායුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර,විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වණසිංහ, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කඳනආරච්චි, බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරී, බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.