Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2021 21:03:38 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක

පාකිස්තානු ජාතික දින සැමරුමට සහභාගීවිම සඳහා පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තාන හමුදාවේ සහ මිත්‍ර රටවල කෙඩෙට් නිලධාරීන් පුහුණුව ලබන පාකිස්තානයේ කාකුල් (Kakul) පිහිටි පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක නිරත වූයේය.

සැන්ඩ්හර්ස්ට් (Sandhurst) සහ වෙස්ට් පොයින්ට් (West Point) හමුදා විද්‍යාපීඨවලට සමාන විදේශීය නිලධාරීන් 2000 ක් එකවර පුහුණු කිරීමේ හැකියාවද පවතින පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඔමර් බොහාරි ගේ (Major General Omer Bokhari) ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් මෙහි සංචාරයක නිරත විය.

පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එහි සේනාවිධායක මේජර් ජෙනරල් ඔමර් බොහාරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කෙඩෙට් නිලධාරීන් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරචාරය ද එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් පකිස්තානු සන්නද්ධ හමුදාවේ දිවිපිදු විරුවන් සිහිපත් කරමින් විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පූද කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එහි කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළේය. පසුව, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සුහද හමුවක් පැවැත්විණි. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණු කරමින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය සිහිපත් කළේය. පසුව යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ සංචාරය කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන ශිෂ්‍ය කෙඩෙට් නිලධාරීන් හමුවී සුහදව අදහස් හුවමාරු කරගත්තේය. සමරු තිළිණ හුවමාරුවකට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. යුද්ධ හමුදාධිපතිතුමන්ට ලබාදුන් ගෞරවය වෙනුවෙන් සියලුදෙනාට සිය කෘතඥතාවය මෙහිදි පුද කළේය. පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සිදුකල සංචාරයට විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගි වුහ. Best Sneakers | Jordan Release Dates , Iicf