Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2021 08:09:15 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් පාකිස්තානයේ යූධෝපකරණ කර්මාන්ත ශාලාවේ සංචාරයක

පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව පන්ජාබ් ප්‍රදේශයේ පිහිටි පකිස්තානු යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ සංචාරයක නිරත වූයේය.

පාකිස්තානු යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ සභාපති ලුතිනන් ජෙනරල් අලි අමීර් අවාන් HI(M) විසින් එහි සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී. මෙම කර්මාන්ත ශාලාවේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ආයුධ, පතොරම් සහ වෙනත් ආරක්‍ෂක මෙවලම් සහ පිත්තල සහ අලුමිනියම් වලින් නිෂ්පාදනය කරන හමුදා නොවන උපකරණ පිළිබඳව ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සොයාබැලීය.

නවීන රෙදිපිළි කැපීමේ පහසුකම් සහ නවීන මැහුම් ඒකකයන්ගෙන් සමන්වි මෙම කර්මාන්ත ශාලාව තුල හමුදා නිල ඇඳුම් නිෂ්පාදනය කරයි. මෙම අවස්ථාවට සහභාගි වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, යුද්ධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධිකාරක, යුද සේවා සහකාර ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට සුබපැතුම් එක්කිරීම සඳහා සුබ පැතීම සඳහා ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගි වූහ.

මෙම සංචාරය අවසානයේ, සුහදත්වය සහ මිත්‍රශිලීභාවය සනිටුහන් කරමින් පාකිස්තානු යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ සභාපති ලුතිනන් ජෙනරල් අලි අමීර් අවාන් HI(M) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබු යුද්ධ හමුදාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. Nike air jordan Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf