Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2021 06:39:15 Hours

ඉන්දු - පකිස්තානු දේශ සීමාවේ ධජ අවරෝහන සරඹ අවස්ථාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේදී එරට ‘වග’ (Attari-Wagah) දේශ සීමාවේ සාම්ප්‍රදායානුකූලව පවත්වන ධජ අවරෝහනය කිරීමේ සරඹ උත්සවය නැරඹීමට ද එක්වූයේය. මෙම උත්සව අවස්ථාව ඉන්දු - පාකිස්තාන දේශසීමා ආරක්‍ෂක හමුදා මගින් ඒකාබද්ධව පවත්වනු ලබන චාරිත්‍රානුකූල හමුදා අංගයකි.

පාකිස්තානු යුද්ධ හමුදාවේ පන්ජාබ් රේන්ජර්ස් දේශ සීමා අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් මුහම්මද් අමීර් මජීඩ් (Muhammad Aamir Majeed) විසින් මෙම අවස්ථාවට සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව රේන්ජර්වරුන් විසින් පවත්වනු ලැබූ විශේෂිත පෙළපාලියේදී එතුමන් වෙත ගෞරවාචාර පුදකළහ.

මෙම අවස්ථාවේදී එම දේශසීමා ආරක්‍ෂක භටයන් සමඟ අදහස් හුවමාරු කරගත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු සාම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් නැරඹීමට ද එක්වූයේය. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරල් මුහම්මද් අමීර් මජීඩ් අතර පැවති සුහද හමුවේදී රේන්ජර් භටපිරිස් සම්බන්ධ පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින ද්විපාර්ශ්වික සුහදත්වය සහ සහයෝගීතාවය මෙන්ම ඓතිහාසික බැඳීම් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා කළහ.

මෙම සුහද හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සහ මේජර් ජෙනරල් මුහම්මද් අමීර් මජීඩ් ගේ මැතිණිය ද අධ්‍යක්‍ෂ ජෙනරල් කාර්යාලයේ දී පැවති මෙම සුහද හමුවට එක්වූහ. මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ ද සමරු සටහනක් තැබුවේය.

මීට අමතරව, පකිස්ථානු දේශ සීමාව අසල පිහිටා ඇති කෞතුකාගාරය සහ පුරාවස්තු මෙන්ම පාරම්පරික නිෂ්පාදන නැරඹීමට ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය එක්වූහ.

ඉන්දු - පාකිස්තානු ‘වග’ දේශ සීමාවේ පවත්වන ධජ අවරෝහන පෙළපාලි අවස්ථාව වර්ෂ 1959 සිට ඉන්දියානු ආරක්‍ෂක හමුදා (දේශසීමා ආරක්‍ෂක බලකාය) සහ පාකිස්තාන (පකිස්තානු රේන්ජර්ස්) ඒකාබද්ධව පවත්වනු ලබන යුද්ධ හමුදා චාරිත්‍රානුකූල අංගයකි. පාද හැකි තරම් ඉහළට ඔසවා සිදුකරන ඝණ සරඹ සංදර්ශනය දෙරටේම අභිමානය හා ස්වෛරීත්වය පිළිඹිබු කරන අතර චාරිත්‍රානුකූලව ඉටුකරන මෙම අවස්ථාව දෙරට අතර සහෝදරත්වය සහ සහයෝගීතාවය පිළිඹිබු කරයි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති අන්තර්ජාතික දේශ සීමාවේදී, මුහුණට මුහුණ ඉතා සමීපව සිදුවන දේශසීමා මුර සංචාර සහ ආරක්‍ෂක මුරයන්ගේ වෙනස්වීම් විචිත්‍රවත් හා ආකර්ෂණීය දසුනක් වන අතර මෙම දේශ සීමා දෙපස පිහිටා ඇති අම්රිට්සාර් සහ ලාහෝර් (Amritsar and Lahore) නගරයන් හමුදා මුරපොළ සහ මාර්ග බාධක සමගින් ගොඩනැගිලි සමූහයක් පිහිටා ඇති අලංකාරවත් ප්‍රදේශයකි. මෙහි විශේෂත්වය වන්නේ දෛනිකව සන්ධ්‍යාවේ සිදුවන ‘පසුබැසීමේ’ උත්සවයයි. දෙරටේ සොල්දාදුවන් සූර්යයා බැසයත්ම තම ජාතික ධජ අවරෝහනය කිරීමේ අවස්ථාව ජාතිකාභිමානය ඔදවැඩෙන අයුරින් සරඹයකින් සිදුකරති. ඉන් අනතුරුව, මෙම අංගයේ අවසානය සනිටුහන් කරමින් විදුලි පහන් දැල්වේ. latest Running | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ