Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2021 20:37:55 Hours

පුත්තලම ප්‍රදේශයේ පාසල් සිසුන් වෙත 58 වන සේනාංකයේ මුලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

දුෂ්කර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල අධ්‍යාපනය හදාරණ දරුදැරියන් දිරීමත් කිරීමේ අරමුණින් පෙර පාසල් ළමුන් සහ පාසල් සිසුන් 77 දෙනෙකු වෙත පාසල් උපකරණ, නිල ඇඳුම් සහ සපත්තු මෙන්ම පෙර පාසල් 10කටමැගී බෝඩ් හා ළදරු ට්‍රයිසිකල් තොගයක් පසුගිය (20) දින සෙනසුරාදා පුත්තලම ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංක මුලස්ථානයේ මුලිකත්වයෙන් බෙදාදෙන ලදී.

58 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ සංගමය සහ කොළඹ 5, නාරහෙන්පිට පදිංචි මනෝජ් වර්ණපොල මහතා එක්ව රුපියල් ලක්ෂ 5 ක් වටිනා පාසල් උපකරණ ලබාගැනීම සඳහා අනුග්‍රහකත්වය දැක්වීය.

අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සහ 58 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් 58 වන සේනාංක මූලස්ථානයේදී පැවැති මෙම උත්සවයේදීඑම දරු දැරියන් අතර පාසල් උපකරණ බෙදාදුන්හ.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස මහකෝන්වැව චිත්‍රසමාධි පාරමිතා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කඩවත ධම්මදස්සීහිමිපාණන් සහ කරුවලගස්වැව කතෝලික දේවස්ථානයේ රදගුරු ෂෙහාන් ප්‍රනාන්දු පියතුමා සහභාගී වූහ.

මෙම අවස්ථාවට 58 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඩි. රණසිංහ ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ ආරාධිතයින් සහභාගි වූහ. jordan Sneakers | Nike SB