Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2021 14:00:22 Hours

යුද්ධ හමුදා භටපිරිස් නාවන්තුරෙයි කලපුව ආශ්‍රිතව කඩොලාන පැළ 500 ක් රෝපණය කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කළ ‘තුරු මිතුරු නව රටක්’ වන වගා ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් පසුගියදා යාපනයේ පිහිටි 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යාපනය නවන්තුරෙයි කලපුවෙහි මීටර් 200 ක භූමිප්‍රමාණයක් ආවරණය වන පරිදි කඩොලාන පැල 500 ක් රෝපණය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, 512 වන බලසේනාවේ භටපිරිස් සහ සිවිල් බලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා කඩොලාන පැල 500 ලබාදීමත්, අවශ්‍ය භූමි ප්‍රමාණය හඳුනාගැනීමත් වනජීවි දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා යාපනය ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් වනජීවි කාර්යාලය, ප්‍රාදේශීය වන නිලධාරී සහ වනජීවි දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් රැසක් සහභාගි වූහ. jordan release date | Zapatillas de running Nike - Mujer