Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th March 2021 20:47:59 Hours

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ශිෂ්‍ය නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හමුවෙයි

බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ අ‍ණදෙන්නන්ගේ පාඨමාලා අංක - 01හදාරන ශිෂ්‍ය නිලධාරින් 36 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (24) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු හමුවූහ. එම පාඨමාලාවේ විෂය නිර්දේශයට අනුව යුද්ධ හමුදාව තුළ පවතින විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ කාර්යභාරයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස මෙම හමුව සිදුවිණි.  

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ශිෂ්‍ය නිලධාරීන්ගේ උපායමාර්ගික දැනුම, සාමාන්‍ය දැනුම හා භඨකාර්ය සම්පාදනය පිලිබඳ පරික්‍ෂාවට භාජනය කරන ලදී. 

මෙම අවස්ථාවටයුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, මුල්‍ය කලමණාකාර අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන හඳුන්මුල්ල, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජයන්ත කොඩිතුවක්කු, යුද සේවා ලේකම්මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රී, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක කර්නල් සුරේෂ් කුරේඇතුලු එම පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් සහභාගී වූහ. buy footwear | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD