Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2021 18:23:02 Hours

‘සුරකීමු ගංඟා’ ජාතික ව්‍යාපෘතිය කිලිනොච්චියේදී

ශ්‍රී ලංකාවේ ගංඟා සංරක්‍ෂණය සහ පිරිසිදු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවූ ‘සුරකීමු ගංඟා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව තවත් එක් වැඩසටහනක් පසුගිය සඳුදා (22) දින කිලිනොච්චි, කනගරායන් ආරු ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව ආරම්භ කරන ලදී.

මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු පළාත්අධ්‍යක්‍ෂ තුමන්ගේ ආරාධනයකට අනුව මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරල් පියල් නානායක්කාරවසම් සහභාගි වූහ.

මීට අමතරව, මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි අන්ගජන් රාමනාදන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ. Best Sneakers | Air Jordan