Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2021 20:03:21 Hours

පාකිස්තානු යුද්ධ හමුදාධිපති විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි උණුසුම් අයුරින් පිළිගනී

පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රාවල්පින්ඩි පිහිටි පාකිස්තානු යුද්ධ හමුදා මුලස්ථානයේදී පාකිස්තානු යුද්ධ හමුදාධිපති ජෙනරල් ක්වාමාර් ජාවඩ් බජ්වා (General Qamar Javed Bajwa) හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යද්ගර්-ඊ-ෂුහාඩා (Yadgar-e-Shuhada) ස්මාරකය අභියසට පැමිණ සන්නද්ධ හමුදාවන්වල දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට උපහාරය පුද කළේය. ඉන් අනතුරුව, පකිස්තානු යුද්ධ හමුදාවේ සම්මාන මුරයේ ගෞරවාචාරයද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පුදකළහ.

මෙම සුහද හමුවේදී, ආරක්‍ෂාව හා ආරක්‍ෂක සහයෝගිතාව සහ කලාපීය ආරක්‍ෂක ගැටළු ඇතුළු ද්වීපාර්ශීක වශයෙන් අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවට මිතුරු රාජ්‍යයක් ලෙස දෙරට අතර සාමය සහ ද්වීපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පාකිස්තානයේ අඛණ්ඩ උත්සහය සහ රට මුහුණදෙන සෑම අභියෝගාත්මක ප්‍රයත්නයකදී පාකිස්තානය දක්වන සහයෝගය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පැසසුමට ලක් කළේය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වෘත්තීය හැකියාව ඉහළ නැංවීම සඳහා පාකිස්තානය දක්වන අඛණ්ඩ සහයෝගය ද මෙම හමුවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැසසුමට ලක් කළේය.

පාකිස්තාන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව අඟහරුවාදා (23) දින පැවැත් වූ පාකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දින පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය. මෙම අවස්ථාවට පකිස්තානු ජනාධිපති, පකිස්තාන අගමැති සහ ජාතික හා විදේශීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙම ආරාධනය පිළිබඳ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තානයේ ත්‍රිවිධ හමුදාවට සිය කෘතඥතාවය පළ කළ අතර මෙමගින් දෙරට අතර පවතින සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ප්‍රකාශ කළේය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් 1980 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්වල යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම කොන්දේසි විරහිතව කටයුතු කර ඇති බව පැවසුවේය. දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාවය නිසා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ‘Shake Hands’ යුද අභ්‍යාසය මගින් ඔවුන්ගේ වෘත්තීය දැනුම හා කුසලතාවයන් පුළුල් කරගැනීමට හැකි වී තිබෙන බවත් එතුමන් ප්‍රකාශ කරන ලදී.

මෙම සුහද හමුවේ අවසානය සනිටුහන් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තානු යුද්ධ හමුදාධිපති ජෙනරල් ක්වාමාර් ජාවාඩ් බජ්වා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. affiliate tracking url | Air Jordan