Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th March 2021 11:30:26 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති කිලිනොච්චි මූලික රෝහලේ ලේ දන්දීමේ වැඩසටහනකට එක්වෙයි

කිලිනොච්චි මහ රෝහලේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් රෝහලේ පාරවිලයන අංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින රුධිරය පරිත්‍යාග කළ අතර මෙම පරිත්‍යාග කිරීමේ වැඩසටහනට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ දායක වී රුධිරය පරිත්‍යාග කළේය.

කිලිනොච්චි මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් මත කිලිනොච්චි යුද හමුදා රෝහලේ දී මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සිදුකරන ලදී.

වෛද්‍ය නිලධාරින් වන වෛද්‍ය යශෝභා තිලකරත්න, රුධිර පාරවිලයන වෛද්‍ය බී.අයි කුමානායක, එන්. විජයතිලක සහ කිලිනොච්චි රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට වැඩි පිරිසක් සහභාගී වී රුධිරය පරිත්‍යාග කරන ලදී. ඒ අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ද්‍රවිඩ සිවිල් පුරවැසියන් පිරිසක් ද සහභාගී වූහ.

එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ සහ ප්‍රධාන සිවිල් කටයුතු සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් ලාල් කිත්සිරි කටයුතු කළහ.

වැඩසටහන අවසානයේ වෛද්‍ය කණ්ඩායම විසින් මෙම මානුෂීය ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාව දැක්වූ දායකත්වය ඇගයීමට ලක් කරන ලදී. best Running shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf