Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th March 2021 12:34:56 Hours

එක්සත් රාජධානියේ මහාධිකරණය මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරයි. නඩු ගාස්තු ගෙවීමටත් නියෝග

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. එංගලන්තයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරි (ආරක්‍ෂක) ලෙස රාජකාරි කරමින් සිටින අතරතුර එතුමන් සිදුකළ අභිනයක් සබැඳිව එල්.ටී.ටී.ඊ හිතවාදී පිරිසක් විසින් ගොනුකළ නඩුවකදී එරට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරන ලදී. එම තීන්දුවට එරෙහිව මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු එරට මහාධිකරණයේ අභියාචනයක් ගොණු කළේය.

මහාධිකරණය විසින් එම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එතුමන්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස හිමි මුක්තිය අනුවත්, එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත නිසාත් මෙම තීන්දුව ලබා දී ඇත. ඒ අනුව, මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු වෙත එල්ල කර ඇති සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර අදාළ නඩු විභාගයට වැය වූ නඩු ගාස්තු යලි එතුමන් වෙත පියවන ලෙසත් මහාධිකරණය නියෝග කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ: url clone | Nike Shoes