Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2021 21:13:20 Hours

නිරෝධායන ක්‍රියාවලිය යලි සංශෝදනය කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කරයි

නව කොවිඩ් - 19 රෝගීන් හඳුනාගැනීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්ථා වුවද රෝහල් වෙත පැමිණෙන රෝගීන් PCR පරීක්‍ෂණ සඳහා යොමුකිරිමෙන් පසුව මහනුවර, මොරවක සහ කටුනායක ප්‍රදේශ වලින් තවමත් කුඩා පොකුරු වාර්ථා වන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

මේ වනවිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල එන්නත් කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් එහි දෙවන මාත්‍රාව අප්‍රේල් මස දෙවන සතිය තුලදී ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් යුද්ධ හමුදාධිපති විසින් තවදුරටත් සඳහන් කළේය.

අලුත් අවුරුදු සැමරීම සඳහා සූදානම් වන සියලුදෙනා ඉතා ආරක්‍ෂාකාරී විය යුතු බවත් කණ්ඩායම් වශයෙන් එක්රැස් වීමෙන් වැළකිය යුතු බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත් මෙහිදී ප්‍රකාශ කරන ලදී. විදෙස් රටවලින් පැමිණෙන ශ්‍රි ලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා මෙතෙක් පැවති වැඩපිළිවෙලහි වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවන බවත් එය ඉතා කඩිනමින් දැනුම් දී ක්‍රියාවට නංවන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් සඳහන් කළේය.

විදේශ රැකියා කාර්යාංශය මගින් නවතමයෙන් ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යුද්ධ හමුදා ආරක්‍ෂාව ලබාදෙන බවත් එම මධ්‍යස්ථාන තුළ විදේශගත ශ්‍රමිකයින් 3600 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට හැකියාව ඇති බවත් එහිදී අනාවරණය විය.

ඒ අනුව, නිරෝධායනය සඳහා පුද්ගලයෙකු විසින් ගතකළයුතු කාලසීමාවන්හී සංශෝධනයන් සිදුවනු ඇත. තවද, එන්නත් දැනට ලබාගෙන සිටින සහ දින 14 ක කාල සීමාවක් නිරෝධායනය වී ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සියලුම විදේශිකයන් හට PCR පරික්‍ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන කාලසීමාවකින් තොරව නිවෙස් වෙත යා හැකි බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසුවේය.

රුසියාවේ නිෂ්පාදනය කරන ලද ‘Sputnik’ එන්නත් මිලියන 7 ක් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාව වෙත ගෙන්වන බවත් මේ වනවිට කොවිඩ් - 19 වැළදීමෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 46 ක ප්‍රමාණයක් ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර ඇති බවත් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ විශේෂඥ වෛද්‍යවරුන් ගේ සහභාගිත්වයෙන් අද (16) දින රාජගිරිය NOCPCO මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. Authentic Sneakers | Sneakers Nike Shoes