Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2021 10:46:01 Hours

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් වැඩසටහන් මාලාවක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සුවිශේෂීත්වයක් එක් කරමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් සඳුදා (8) දින වැඩසටහන් මාලාවක් පැවැත් වූහ. ඒ අනුව, එම ඒකකයේ සාමාජිකාවන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී මහන මැෂින් සහ රූපලාවණ්‍ය උපකරණ පරිත්‍යාග කළ අතර විරුකැකුළු පෙර පාසලේ ගුරුවරියන් වෙත පත්වීම් ලිපි බෙදාදීම සහ අධ්‍යාපන දේශන පැවැත්වීම ද මෙහිදි සිදු කළාය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් පැවැත් වූ මෙම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිනියන් 50 දෙනෙකු ද එක්වූහ.

මෙහිදී, 11 වන ගැමුණු හේවා බලකාය, 8 වන ගජබා රෙජිමේන්තුව, 12 වන ගජබා රෙජිමේන්තුව, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත පරිත්‍යාගශීලීන් විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ලබාදී ඇති (JUKI) මහන මැෂින් යන්ත්‍ර 5 ක් එම ඒකකවල ප්‍රයෝජනය සඳහා ලබාදෙන ලදී.

ඉන් අනතුරුව, සුජීවා නෙල්සන් මහත්මිය විසින් පළපුරුදු ගුරුවරුන් තිදෙනෙකුගේ සේවය අගය කරමින් දියතලාව, ඉපලෝගම සහ ගාල්ලේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් කළමණාකරනය කරනු ලබන ‘විරු කැකුළු’ පෙර පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා යොදවා ඔවුන් වෙත පත්වීම් ලිපි භාරදුන්නාය.

එමෙන්ම, අපේක්‍ෂා සාපල්‍යතා මධ්‍යස්ථානයේ (Fertility Centre) අධ්‍යක්‍ෂ ආචාර්ය චම්පා නෙල්සන් මහත්මිය, සීමාසහිත Ogabo Global Perfumeries සමාගමේ අලෙවි උපදේශක ක්‍රිෂාන් ස්මිත් මහතා, රූපලාවන්‍ය ඇකඩමිය නියෝජනය කරමින් පෝෂණවේදිනියන් වන දිල්හාරා මුතුමාලි මෙනවිය, ෂිම්ලා හමීඩ් මහත්මිය සහ රමණි ප්‍රනාන්දු මහත්මිය, ආසිරී රෝහල් සමූහයේ ආහාරවේදී ශකිලා ගමගේ මහත්මිය සහ 2005 ශ්‍රී ලංකාවේ රූ රැජින වූ රෝෂන් ඩයස් මහත්මිය විසින් ‘කාන්තා සෞඛ්‍ය ඵලදායිතාවය’, ‘සුවඳ විලවුන් භාවිතා කිරීමේ කලාව’, ‘පුද්ගලික සංවර්ධනය හා ඇඳුම් පැළඳුම්’ සහ ‘පිරිපුන් සමක් සඳහා අභ්‍යන්තර පෝෂණයේ වැදගත්කම’ යන මාතෘකා පදනම් කරගනිමින් දේශන පැවැත්වූහ.

වැඩසටහන අවසානයේ, යුද්ධ හමුදා සේවා වනිතා එකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් දේශකයන් වෙත ත්‍යාග පාර්සල් සහ සමරු තිළිණ ප්‍රදානය කළාය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ කර්නල් සුමේධ බාලසූරිය, කර්නල් (පාලන) කර්නල් අරුණ විජේකෝන් ඇතුලු සේවා වනිතා ඒකකයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Mysneakers | Mens Flynit Trainers