Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2021 12:58:20 Hours

විශ්‍රාම ලැබූ හමුදා නිලධාරින්ට විශේෂ පුහුණුවක්

යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කර දීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම වස් හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව අන්තර් මහද්වීපික මානව සම්පත් කළමණාකරන ආයතනය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හා ඒකාබද්ධව අද (06) දින ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි විශේෂ පාඨමාලාවක් ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලවේ පළමු අදියර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අනුග්‍රහය ඇතිව යුද, නාවික, ගුවන් හමුදාවන්හී සේවය කර විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහභාගීත්වයෙන් පැවැත්වූහ. ග්‍රීන්කාඩ් සුදුසුකම් සදහා හමුදා ව්‍යවසායකත්ව සහයෝගිතාවය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සඳහා මෙම පාඨමාලාව පවත්වන ලදී.

මෙම පාඨමාලාව තුළින් සාමූහික සහ සාදාචාරාත්මක මානව සම්පත් කළමණාකරනය සහ න්‍යායපත්‍ර ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපත්තීන්, උපායමාර්ගික චින්තනය, මානව සම්පත් කළමණාකරනය, නවීන තාක්‍ෂණය භාවිතා කිරීම, ක්‍රියාකාරි කළමණාකරනය සඳහා කාර්යක්‍ෂම හා ඵලදායිතාවයෙන් යුතුව දැනුම භාවිතා කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සිදුකරයි.

මෙහි ආරම්භක පාඨමාලාව ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි ආරම්භ කළ අතර ඉදිරි මාස කිහිපය තුළ තවත් පාඨමාලා 3ක් ආරම්භ කිරීමට නියමිතය. හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් දයා රත්නායක ගේ උපදෙස් මත මෙම පාඨමාලාවේ ආරම්භක වැඩසටහන ශ්‍රී ලංකවේ ඇමරීකා එක්සත් ජනපද මානව සම්පත් පිළිබඳ ජාත්‍යන්තර රාජ්‍ය කළමණාකරන සංගමයේ උපදේශක සහ අන්තර් මහද්වීපික මානව සම්පත් කළමණාකරන ආයතනයේ කළමණාකරන අධ්‍යක්‍ෂ රංජීව කුලතුංග විසින් සිදුකරන ලදී.

ඒ අනුව, මෙම පාඨමාලාවේ පළමු අදියර සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල්වරුන් 18ක්, එයාර් වයිස් මාර්ෂල්වරුන් දෙදෙනෙකු, රිය(ර්) අද්මිරාල්වරුන් තිදෙනෙකු සමගින් කොමදෝරුවරුන් දෙදෙනෙකු, සහභාගි වූහ. ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උපදෙස් මත සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙහි නාමයෝජනා කවුන්සිලයට හමුදාපති ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිපාලන අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් සුජීව රත්නායක ඇතුලු කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

රංජීව කුලතුංග, ඕමාර් ඛාන්, ආචාර්ය දිනේෂ් වටවන, බ්‍රෙඩ්ලි ඉමර්සන්, ෆාරාස් ෆාරූක්, ආචාර්ය මාර්ලෝන් ඩෙල් පෙරේරා, කුමාර ගල්හේනගේ සහ ජෙනරල් දයාරත්නායක (විශ්‍රාමික) ඇතුලු විද්වත් කණ්ඩායමකගේ නායකත්වයෙන් පාඨමාලා දේශන ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාව ඵලදායි ලෙස සම්පූර්ණ කිරීමෙන් පසු, ඔවුන්ගේ සහජ කුසලතා උපයෝගී කර ගැනීමට වටිනා අවස්ථාවක් උදාවන අතර, නව මුහුණුවරකින් යුත් පුහුණු මොඩියුලයන් සමඟ ඉදිරියටත් “නිලධාරීන් සහ මහත්වරුන්” වශයෙන් අනාගතයේ දී රටට වටිනා සම්පතක් වනු ඇත.

අන්තර් මහද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනය සහ ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම සම්පත් දායක ආයතනයක් වන 'M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකය පාඨමාලාවේ අනුග්‍රහක්තවය දක්වන ACCESS ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරා මහතා, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් M2C සංකල්පයට අනුව හමුදාවට අනුගතව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය මගින් නව උපායමාර්ගික පරිවර්තනීය රාමුවක් තුළ අන්තර් මහද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනයේ රන්ජීව කුලතුංග සහ ආචාර්ය දිනේෂ් වටවන යන මහත්වරුන් පුරෝගාමී නිලධාරීන් ලෙස කටයුතු කළහ.

මෙම අවස්ථාව සඳහා සුභ පැතුම් එක්කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුදා නිල ඇඳුම් ඇඳි පිරිසක් සාමූහිකව සිය බහුවිධ දක්‍ෂතාවයන්, කුසලතාවයන් හා නිපුනතාවයෙන් අනූන වූ වෘත්තීය දැනුම එක් ආයතනයක් මඟින් සේවයට යෙදවීම ඉතාමත් ආශ්චර්යමත් හා වටිනා ක්‍රියාවත් බවත් සඳහන් කළේය.

මෙහිදී, අන්තර් මහද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා සිය අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සක්‍රීය හමුදා රාජකාරියෙන් පසු බාහිර ව්‍යාපාර ලෝකයේ ව්‍යවසායකයෙකු ලෙස සිය භූමිකාව කොතරම් දුරට වැදගත් වේදැයි පැහැදිලි කරන ලදී. ACCESS ඉංජිනියරින් පුද්ගලික සමාගමේ සභාපති සුනිල් අදහස් දක්වමින් අන්තර් මහද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව ක්‍රියාකිරීමේ වැදගත්කම පැහැදිලි කළ අතර එමගින් ලබාගත හැකි සේවාව අනූන බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ එතුමන් ආයතන ව්‍යවස්ථා සහතික පාඨමාලාව මගින් ලැබෙන වාසි පිළිබඳ අදහස් දැක්විය. Best jordan Sneakers | Air Jordan Release Dates 2020