Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2021 07:58:51 Hours

ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට උසස් කෙරේ

යක්කල පිහිටි වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරිමේ සමාරම්භක උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (4) දින කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වෛද්‍ය විශ්වවිද්‍යාල සංකීර්ණයේ සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කෙරිණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමා ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජනිත ඒ ලියනගේ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුලු තවත් විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදි විශ්වවිද්‍යාලයේ නව ලාංඡනය සහ ධජය එළි දැක් වූ අතර, එහිදි විශ්වවිද්‍යාල නව වෙබ් අඩවිය ද ආරම්භ කරන ලදී. ජනාධිපතිතුමන් මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් විශ්වවිද්‍යාල සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

එම අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත් වූ සාහිත්‍ය චක්‍රවර්ති මල්වත්ත විහාරස්ථානයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ ධර්මකීර්තී ශ්‍රී සංඝරක‍්‍ඛිත විජිතසිරි හිමියන් වෙත ජනාධිපතිතුමන් ‘විජිනි පත’ පිළිගැන්වීම සිදුකරන ලදී.

වැඩසටහනේ අවසන් අංගය ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරීස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා උත්සව සභාව ඇමතූහ. Running sports | UK Trainer News & Releases