Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2021 18:24:35 Hours

ගුවන් හමුදාවේ බලඝන දෙකකට ජනපති වර්ණ ප්‍රධානය කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් 5 වන ගුවන් ප්‍රහාරක බලඝණය සහ 6 වන ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සඳහා වර්ණ ප්‍රදානය අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්‍ෂ සහ අනෙකුත් ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අද (05) දින උදෑසන පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 සම්පූර්ණ වීම නිමිත්තෙන් ගුවන් හමුදා සංදර්ශන, වර්ණ ප්‍රදානය, ගුවන් හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථය එළි දැක්වීම යන වැඩසටහන් රැසක් උත්සවාකාරයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඹෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, බංගලාදේශය, පකස්ථානය සහ ඇමරිකානු පැසිෆික් කලාපයේ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

ජනාධිපතිතුමන් විසින් වර්ණ ප්‍රදානය කිරිමෙන් අනතුරුව කටුනායක පිහිටි C130 ගුවන් හමුදා කඳවුරේ අංක 02 හා 05 යන බලඝන පරික්‍ෂාව සඳහා එක්විය. එම අවස්ථාවේදිම එයාර් කොමදෝරු චන්න දිසානායක විසින් 70 වසරක ගුවන් හමුදා ඉතිහාසය ඇතුලත් ග්‍රන්ථයෙහි මුල් පිටපත අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී. තවද, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් ද එම කෘතියේ පිටපතක් සමඟ විශේෂ සමරු ඵලකයක් ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.

මෙම සංවත්සර උත්සවයේ තවත් සංක්තාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු සිහිවටනයක් පිළිගන්වන ලදී. bridgemedia | Patike