Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2021 06:18:51 Hours

කොවිඩ් - 19 ආසාදිතයින්ගේ අඩුවීමක් - කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

“නිරෝධායන ක්‍රියාවලිය තුළ පිළිගත් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතවීම සහ එන්නත්කරණ වැඩසටහන මගින් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව තුළ අඩුවක් පෙන්නුම් කරන බව” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වීම, කාලීනව යම් යම් ක්‍රමවේදයන්ට හැඩගැසීම මගින් රෝගය පැතිරයාම යම්තාක් දුරට පාලනය කරගත හැකි වූ බව එතුමන් (02) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවේදී පැවසුවේය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු කාර්ය සාධක බලකායේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

එන්නත්කරණ වැඩසටහන පිළිබඳ සඳහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේ එන්නත්කරණ ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මක වන නමුත් බස්නාහිර පළාතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තවදුරටත් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්ථා වන බවයි.

එමෙන්ම, සෞඛ්‍ය අංශ සේවකයින්, අත්‍යවශ්‍ය සේවා නියුක්තිකයින් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛත්වය මත එන්නත් ලබාදෙන බව ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ සහ දිවයිනේ අනෙකුත් පළාත්වල සිටින ජනගහණය සහ ඝණත්වය සලකා බලා අවුරුදු 60 ට වඩා වැඩි පිරිසට එන්නත් ලබාදීමට තීරණය කර ඇත.

මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙනඒමේ ක්‍රියාවලිය නොකඩවා සිදුකරන බවත් දැනට 102,000 ක් පමණ පුද්ගලයින් පිරිසක් විදේශගතව සිටින බවත් එහිදී ප්‍රකාශ කරන ලදී.

මීට අමතරව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව වැඩි වශයෙන් විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇති බවත් ඉදිරියටත් එසේ කටයුතු කරන බවත් මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන් සිය අදහස් දක්වමින් රජයේ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ගණනාවක් කොවිඩ් - 19 ආසාදිතයින් සඳහා වෙන්කර ඇති බව පැවසීය. තවත් එන්නත් තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවත් එතුමන් ප්‍රකාශ කර සිටියේය.

එතුමන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට තුළ ක්‍රියාත්මක වන නිරෝධායන ක්‍රියාවලිය කිසිදු වෙනසක් නොමැතිව එලෙසම සිදුවන බවයි. Sportswear free shipping | Jordan Shoes Sale UK