Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th February 2021 08:56:08 Hours

ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 2020 උපාධි ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයක් වන ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 31 වන උපාධි ප්‍රදානොත්සවය පසුගිය අඟහරුවාදා (16) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වූ අතර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් ජෙරාඩ් හෙක්ටර් ද සිල්වා (විශ්‍රාමික) ගේ ආරාධනයකට අනුව ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ භාර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය, ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

කොවිඩි-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අදියර හයක් යටතේ පවත්වන ලද උපාධි උත්සවයන්හිදි උපාධිධාරීන් 1379 දෙනෙකුට ශාස්ත්‍රපති හා සම්මාන උපාධි සහතික ලබාදුන් අතර 5 දෙනෙකු සඳහා දර්ශන සඳහා වූ ආචාර්ය උපාධිය ද පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් 263 ක් සහ තවත් 1211 දෙනෙකු සිය ප්‍රථම උපාධිය වෙනුවෙන් උපාධි සහතික ලබාගන්නා ලදී.

මෙම වසරේ උපාධි ප්‍රදානෝත්සවයේදී හොඳම හමුදා නිලධාරි සම්මානය 2 වන ලුතිනන් ආර්.එම්.ඩී.පී රත්නායක විසින් දිනා ගන්නා ලදී. හොඳම නාවික හමුදා නිලධාරියා සහ ගුවන් හමුදා නිලධාරියා ලෙස පිළිවෙලින් ලුතිනන් වී එස් පාලිහවඩන සහ පියාසර නිලධාරී ආර්.ජී.එස්.ඩී ගමගේ තේරීපත් වූහ.

උපාධි ප්‍රදානෝත්සවයේ මුඛ්‍ය දේශනය පවත්වමින්, පවත්නා වසංගත කාලපරිච්ඡේදය මධ්‍යයේ වුවද වෙනස්කම් හා අභියෝග මධ්‍යයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

එහිදී, ජනාධිපතිතුමන් මෙසේ පැවසීය. “අපට පසුගාමී වී කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. අපේ උසස් අධ්‍යාපන ක්‍රමය වේගයෙන් යාවත්කාලින විය යුතුයි. ඒ සඳහා අපගේ සිසුන් වේගයෙන් පරිවර්තනය විය යුතුයි. ඒ අනුව වෙනස්වන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දිය යුතු අතර අනාගතයේදී හොඳ රැකියා සොයා ගැනීමට එය ඔවුන්ට උපකාර වේ. අවාසනාවකට මෙන්, මේ පිළිබඳ අපගේ විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන පිළිබඳව අවධානයක් යොමුකර නොමැති නිසා ඒ ගැන සලකා බැලිය යුතුයි” යැයි අතිගරු ජනාධිපතිතුමා පැවසීය.

මෙම අවස්ථාවට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් (විශ්‍රාමික), කථිකාචාර්යවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපාධිලාභින්ගේ දෙමාපියන් සහභාගි වූහ. url clone | Nike Shoes